Published on: ජූනි 4, 2025

ජනාධිපති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

ජනාධිපති කාර්යාලයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි දැනුම් දීම සඳහා ජනාධිපති කාර්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කළ අභ්‍යන්තර කටයුතු ඒකකය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් අද (04) විවෘත කෙරිණි.
අභ්‍යන්තර කටයුතු ඒකකය, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. ලිපිනයට හෝ 0112354495 දුරකථන අංකයෙන්, 0716402654 whatsapp අංකයෙන්, iau@presidentsoffice.lk යන විද්‍යුත් ලිපිනයෙන් මීට අදාළ පැමිණිලි හෝ විමසීම සිදු කළ හැකිය.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.