ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (20) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.
කෝලිත කමල් ජිනදාස මහතා දකුණු ආසියානු කලාපීය එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති කාර්යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරුවරයෙකු ලෙසද, ධීවර අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කර ඇත.
ඔහු රසායනික විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ පශ්චාත් ආචාර්ය උපාධිධාරියකු ද, ආහාර විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකු මෙන්ම ධීවර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියකු ද වෙයි.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.