Published on: මැයි 11, 2025

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව වැඩසටහන් රැසක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය මත ක්‍රියාත්මක කරන භක්ති ගීත ප්‍රසංගය මැයි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී පැවැත්වේ.

පාසල් ළමුන්, ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන්, ජනප්‍රිය ගායක ගායිකාවන් මෙම භක්ති ගීත ප්‍රසංගයට සහභාගි වේ.

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධානය කරන බත් දන්සල මැයි 12 සහ 13 යන දිනවලද, කෙටි ආහාර දන්සල මැයි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ද ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ බෞද්ධාලෝක වෙසක් කලාපයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග විදුලි බුබුලුවලින් ආලෝකවත් කිරීම, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

මෙම වෙසක් අසිරිය දැක බලා ගැනීමට එක්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවට ආරාධනා කර සිටියි.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.