ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය – පෞද්ගලික – ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැත්විණි.
ව්‍යාපෘතියට අදාළ තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමත්, ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් මහජනතාවගේ, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ වගකීම සිහිපත් කරමින් අප රටේ ජෛව විවිධත්වය සුරැකීම, වන වැස්ම පුළුල් කිරීම සහ ස්වභාවික පරිසරයේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවක් පුද්ගලික අංශයේද දායකත්වයෙන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර තිබේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීස්වර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.