Published on: සැප්තැම්බර් 25, 2024

නව අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද  (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍යධූර පහත පරිදි වේ
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත්
ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය
05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
විජිත හේරත් මහතා
10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස , වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආර්ක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.