Published on: සැප්තැම්බර් 23, 2024

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් එච්.එස්. සම්පත් තුයියකොන්ත මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (I) අනු ව්‍යවස්ථාවේ බලය ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

චීන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධිධාරීයෙකු වන තුයියකොන්ත මහතා කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපති උපාධිධාරීයෙකි.

එම්අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් බල ගණයේ හිටපු අණදෙන නිලධාරී, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස් කාර්ලයාලයේ හිටපු ආරක්ෂක උපදේශක හා කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී හා ගුවන් හමුදා මූලස්ථානයේ හිටපු පුහුණු අධ්‍යක්ෂ ද වන තුයියකොන්ත මහතා වීර වික්‍රම විභූෂණ, රණ වික්‍රම හා රණශූර පදක්කම් ද දිනා ගෙන ඇත.

මෙහෙවර

ජනාධිපති මාධ්‍ය අංශය අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම, ක්‍රියාමාර්ග, තීරණ, ප්‍රකාශ තත් අයුරින්ම මාධ්‍ය තුලින් සමාජගත කිරීමට පූර්ණ වශයෙන් වග වන්නේය. ඒ සඳහා විශ්වාසනීය වූත් ආකර්ෂණීය වූත් ප්‍රවේශයක් මගින් විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය දායක කර ගැනේ. මාධ්‍ය අංශය රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ජනාධිපතිතුමාගේ දැක්ම හා මෙහෙවර විෂයයෙහි තොරතුරු මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරයි. ඉහළ ප්‍රමිතියකින් යුත් මාධ්‍ය භාවිතයක් ඔස්සේ ජාතික ප්‍රතිපත්ති, සැලසුම් හා ක්‍රියාමාර්ග ජනතාවට පැහැදිලි කරයි. දුර්මත හඳුනා ගෙන සත්‍යය අනාවරණය කරයි.